ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට 2026 නොවැම්බර් 03 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිමි වූ ඇප නියෝග අවලංගු කර, නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම නොවැම්බර් 13 වැනිදා යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ හමුවේ මෙම ප්රතිශෝධන පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂ (නීති) තනුජා බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.
ඇප නියෝගය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කළ ප්රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා තවත් පෙත්සමක් ගොනු කර තිබුණා.
සැකකාර වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ එම පෙත්සම සලකා බැලීමට ඉතා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.
ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව ඉකුත් 3 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලක්ෂයක (රු. 100,000ක) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පෙත්සම් දෙක
සම්බන්ධයෙන් සලකා බැලීම හෙට පස්වරු 2.30 තෙක් කල් තැබුවා.
