බොරලුකන්දේ පුරාවිද්‍යා භූමියක පන්සලක් හදනවාට එරෙහි විරෝධයක් වළක්වන්න උසාවි නියෝගයක්!
නිලාවේලි, ඉලුප්පුකුලම, බොරලුකන්ද ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් අල්ලාගෙන අලුතින් ඉදි කරන විහාරයක් ඉදිරිපිට විරෝධතා නොපවත්වන ලෙස පුද්ගලයන් 8 දෙනෙකුට එරෙහිව ඔක්තෝබර් 01 වැනිදා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.
එම දිනය තුළ බොරලුකන්ද, මෙම පුරාවිද්‍යා භූමිය ඉදිරිපිට එක්රැස්වීම වළක්වමින්, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වමින් උක්ත නියෝගය ලබාගෙන තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක ෂම්මුගම් කූගදාසන්, දෙමළ ජාතික සන්ධාන මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යම් රාසමානික්කම්, ටෙලෝ සංවිධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් ඇතුළු දේශපාලන නායකයන් සහ සිවිල් නායකයන්ට එරෙහිව මෙම නියෝගය ලබාගෙන ඇත.
මෙම විහාරය උතුරු- නැගෙනහිර පුරාවිද්‍යා භූමි ඉලක්ක කරමින්, ජනවාර්ගික ගැටුම් ඇති වන ආකාරයට දැවැන්ත පන්සල් ඉදිකිරීමේ ප්‍රවණතාවකට අයත් වන තවත් එක් ඉදිකිරීමක් ව...