අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්ය කළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඔක්තෝබර් 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (12) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි චාමර සම්පත්, ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. අනතුරුව කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
චාමර සම්පත් දසනායක ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ සිදුවීමකට සහ පතල් කැණීම් බලපත්‍ර ලබාදීමේ සිදුවීම් කිහිපයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මෙම සිද්ධියටම අදාළව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනආරච්චි නැමැත්තාද මීට පෙර අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
