මහින්ද කහඳගම 26 දක්වා රිමාන්ඩ්

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.

රහස් ඔත්තුවකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය ඔක්තෝබර් 06 වැනිදා මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසලදී මොහුව අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ලබාගත් කාලය තුළ සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading