මත්ද්‍රව්‍ය වලින් උපයා ගත් මිලියන 22ක BMW කාර් එකක් ක්‍රියාවිරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලදැයි සැලකෙන රුපියල් මිලියන 22ක් පමණ වටිනා BMW වර්ගයේ කාර් රථයක් සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තිබේ.

අද (ඔක්තෝබර් 13) සිට මෙම නියෝගය නිකුත් කර ඇති අතර එය දින 14ක කාලයක් සඳහා බලපැවැත්වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද මීගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද නීති විරෝධී මුදල් යොදවා ඔහුගේ පුත්‍රයාගේ නමින් එම BMW කාර් රථය මිලදී ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

Author

1 Comment

  • ඇයි අල්ලගන්න කොට කාර් එක ස්ටාට් කරලද තිබුණේ ක්‍රියා විරහිත කරන්න?

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading