හිටපු අමාත්ය සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් 1,980,000 නීති විරෝධී මුදාහැරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව මහාධිකරණ අංක 11 අධිකරණයේ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය
මෙම අතුරු නියෝගය දින 14 දක්වා බල පැවැත්වේ
අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ හිටපු අමාත්ය සරණ ගුණවර්ධන මහතා විසින් ගොනුකොට තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි
අදාල අල්ලස් නඩුව අංක 11 දරන මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින අතරතුර මෙම නඩුවට සහනයක් ලබා ගැනීමේ අරමුණින් මහාධිකරණ විනිසුරුවරයාගේ ආරච්චි තැන විසින් එම විනිසුරුවරයාට අල්ලස් ලබා දිමට තැත් කිරීම සම්බන්ධයෙන් එම විනිසුරුවරයා විසින්ම අල්ලස් කොමිසට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් ඒ අනුව අදාල නඩුකරය එම විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගත නොහැකි බවට පෙත්සමේ සඳහන් වේ.
එබැවින් අදාල නඩුකරය වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙක් ඉදිරියේ විභාගයට ගැනීමට යොමුකරන ලෙසද එතෙක් අදාළ නඩුකරය අංක 11 මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විසින් විභාග ගැනීම වළකාලන අතූරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිටපු අමාත්යවරයා පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කාර හිටපු අමාත්යවරයා වෙනුවෙන් නීතිඥ රම්සිබාචා නීතිඥ සමාගමගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙනී සිටියේය.
