ජල ගාස්තු ඉහළ නැංවීමක් මෙම වර්ෂය තුළදී සිදු නොවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතා පවසයි.
වර්ෂයකට දෙවතාවක් පමණ ජල ගාස්තු ඉහළ නංවන නමුත් යළිත් ඒ පිළිබදව සංශෝධනයක් සිදු වන්නේ 2027 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනෙන් පසුව යැයි ද ඒ මහතා කීවේය.
ජල කර්මාන්තය සම්බන්ධ ඇතැම් යෙදවුම් මිල ඉහළ ගොස් ඇති නමුත් ජල ගාස්තු ඉහළ නංවන්නේ ද නැත්නම් අඩු කරන්නේ ද යනාදිය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කර ගන්නා බව ද ඒ මහතා කීවේය.
මහනුවර කුණ්ඩසාලේ ප්රදේශයේ ජල හිගයට ස්ථිර විසදුම් ලබාදීමේ අරමුණින් බලගොල්ල ජල පවිත්රතා ඒකකයේ ධාරිතාව ඉහළ නැංවීමේ ව්යාපෘතියට ඊයේ (14) මුල් ගල් තැබීමෙන් අනතුරුව මාධ්ය හමුවේ අදහස් දක්වමින් ජල සම්පාදන අමාත්යවරයා මේ බව පැවසුවේය.
මෙම ජල යෝජනා ක්රමය රුපියල් බිලියන 02ක වියදමින් පුළුල් වන බව කී ඒ මහතා ඒමගින් ඉදිරියේදී කුණ්ඩසාලේ හා අවට ප්රදේශ ගණනාවකට ගිහයකින් තොරව අඛණ්ඩව ජලය සම්පාදනය කළ හැකි යැයි කීවේය.
ඉදිරි වර්ෂය සදහා වන අය – වැය රුපියල් බිලියන 2000ක මුදලක් සංවර්ධනය කරා යොදවන දැවැන්ත මුදල් වර්ෂයක් වන බව පෙන්වා දුන් අමාත්යවරයා රටේ සංවර්ධන ව්යාපෘති රැසක් ඒමගින් දියත් කළ හැකි බවත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමක් කළ හැකි වර්ෂයක් බවට එම වර්ෂය පත් වන බව තව දුරටත් කීවේය.
