ඥානසාරගේ සිවුර ගැළවීමේ තීරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම 22

සිරදඬුවම් නියම වී බන්ධාගාර ගතව සිටින සිටින ගලගොඩඅත්තේ ඥානසාරගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කර තිබේ.

අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර ඇති අතර එම විනිසුරුවරුන් ඉදිරියේදී මෙම පෙත්සම් අද කැඳවා ඇත.

පූජ්‍ය තීනියාවල පාලිත ඇතුළු භික්ෂූන් පිරිසක් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, එහි ඉදිරි සලකා බැලීම් සඳහා පෙත්සම් නැවත ලබන 22 වනදා කැඳවීමට තීරණය කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading