සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාරගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය විසින් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇති අතර, එහි සාමාජිකයන් ලෙස අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.
අදාළ පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් අනතුරුව මෙම නව විනිසුරු මඩුල්ල නම් කිරීම සිදු කර තිබේ.
