පාගමන දේශපාලන කටයුත්තකට නොගත යුතුයි- රංජිත් මද්දුම බණ්ඩාර

ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා ආරම්භ කර තිබෙන පාගමන දේශපාලන කටයුත්තකට නොගත යුතු බව සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මෙම පාගමන භික්ෂුන් වහන්සේ විසින් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා කීය.

මහනුවරින් ආරම්භ කළ එම පාගමනට සජබ සහය දෙන බවක් නොපෙන්නේ යැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ මහලේකම්වරයා මෙසේද පැවසුවේය. අධිකරණය ලබාදෙන ඔ්නෑම තීන්දුවක් පිළිගන්න අපි සූදානම්. භික්ෂුත්වය සම්බන්ධ තීන්දුවක් ගැනීමේදී ආගමික නායකයින්ට තමයි තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේ. සිවුරක් ගලවන්න පුළුවන් ආගමික නායකයින්ට පමණයි. නමුත් මේ ආණ්ඩුව ඒ තත්ත්වයට පත්වෙලා.

අවුරුදු 76 ක් පුරා ස්වාමින්ද්‍රයන් වහන්සේ නමකට විරුද්ධව කටක් අරන්න කවුරුවත් කටයුතු කළේ නැහැ. අද ඒ ගෞවරය නැති කරලා සමාජ මාධ්‍ය මගින් මහා සංඝරත්නයට අපහාස කරනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. අපේ කාලයේ සෑම ආගමක්ම අදහන්න නිදහස තිබුණා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා රටේ සර්වාගමික මධ්‍යස්ථාන ඇති කළා. අද මේ ආණ්ඩුව සර්වාගමික වෙනුවට නිරාගමිකකරණය කරමින් සිටිනවා. මේ රටේ සියලු ආගම් ආරක්ෂා විය යුතුයි.

විධායක ජනාධිපතිට මේක අයින් කරන්න කියලා නියෝගයක් දෙන්න තිබුණා. නීතිය හදනකල් විධානයක් දෙන්න එතුමාට බලය තිබෙනවා. ආගම් භේදය ජාති භේදය ඇති කරන්න තමයි ආණ්ඩුව උත්සහ කරන්නේ. මේ රටේ සියලුම ජාතීන් අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. සුළු ජාතීන් ආණ්ඩුවේ උගුල් වලට අහුවෙන්නේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ට නීතියෙන් තිබෙන බලතල අනුව ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලබා දුන්නා. නිදහස ලබාදීමේදී නීති අංශයෙන් යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් ආණ්ඩුවට තිබෙන්නේ ඒක නිවැරදි කරන්නයි. ඒක කරන්නේ නැතුව ඥානසාර හිමි ආපහු හිරේ දැම්මා. මේ රටේ ආගම මුල්කරගෙන දේශපාලනය කළ පක්ෂ තියෙනවා. මම නෑ කියන්නේ නැහැ. අපි කවදාවත් එහෙම කරලා නැහැ. අද ජවිපෙ කරන්න හදන්නේ ඒකමයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading