කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති අතර ඒ සඳහා වූ වරෙන්තුව ජාත්යන්තර පොලීසිය හරහා ක්රියාත්මක කිරීම සඳහා ඉංග්රීසි හා සිංහල යන භාෂා දෙකෙන්ම නිකුත් කරන ලෙස නියෝග කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකයට අද (ඔක්තෝබර් 14) දින එම නියෝගය කොටුව මහේස්ත්රාත් පමන් අමරසේන නිකුත් කර ඇත.
සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර ඇත.
2014 වර්ෂයේදී සංචාරක ප්රවර්ධන කාර්යාංශයට යොමුකර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් මිලදී ගැනීම සඳහා යෙදවීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වේ.
