සලේගේ පෙත්සම ගැන අතරමැදි පෙත්සම් පිළිබඳ තීන්දුව කල් යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගොනුකළ පෙත්සමට මැදිහත්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් වන නියෝගය ඔක්තෝබර් 22 කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන නියෝගය අද (ඔක්තෝබර් 14) දින ලබාදීමට නියමිතව තිබූ අතර ඒ අනුව එම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ බව දැනුම් දී ඇත.

බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා කිහිප දෙනෙකු සුරේෂ් සලේගේ පෙත්සමට පක්ෂව කරුණු දක්වමින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර කාදිනල් මැල්කම් රංජිත් හිමියන් එම පෙත්සමට විරුද්ධව අතර මැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading