චාමර සම්පත් දසනායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විධිමත් ක්‍රමවේදයකින් තොරව තෝරාගත් සමාගම් කිහිපයකට පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ ඊට අදාළ බලපත්‍ර ලබාදීමට සහාය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි පැමිණි අවස්ථාවේදී, පැය 3කට අධික කාලයක් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading