ක්‍රිකට් අස්සේ මෝදිට කඩේ ගිය සූර්යකුමාර්ට දඩ!

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු අතට අත නොදී සිට, එම තරගය ‘පහල්ගම්’ ප්‍රහාරය ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අදහස් මත පදනම් වී ප්‍රකාශයක් සිදු කළ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියමකර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩයක් නියම කර ඇති බව සඳහන්.

මේ මස ඉකුත් 14 වනදා මෙම තරගය පැවති අතර, එම තරගයෙන් පාකිස්තානය කඩුලු 7කින් පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්චාවේදී ඉන්දීය නායකයා පවසා සිටියේ, එම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකරන බවයි.

එමෙන්ම ‘පහල්ගම්’ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග බේදාගන්නා බවය.

පාකිස්තානය එම ප්‍රකාශයට එරෙහිව ICCයට පැමිණිළි කරනු ලැබීය.

ඒ අනුව ICC තරග තීරක රිචී රිචඩ්සන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විධිමත් සොයාබැලීමකින් අනතුරුව මෙම දඩ පැනීමේ අවසන් තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම දඬුවමට එරෙහිව ඉන්දියාව ද අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් තරග ගාස්තුවට අමතරව වෙනත් දඬුවමක් පනවනවාද යන්න පිළිබඳ අවසන් තීරණය හෙට (28) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් පසුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

එමෙන්ම තරගවලියේ අතරතුරදී යළි දේශපාලනික අර්ථ දැක්වීම් හැඟවෙන කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසද ඔහුට දන්වා ඇති බවද සඳහන්.

පහල්ගම් ප්‍රහාරය මුල්කරගනිමින් ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය උරාගා බැගීමේ සිට තරගය අවසන්වීම දක්වා කිසිදු අවස්ථාවදී පාකිස්තාන ක්‍රීඩකයින් සමග සාම්ප්‍රදායික අතට අත දීමෙන්ද වැළකී සිටියේය.

ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ඉකුත් අප්‍රේල් මස ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවට ඉන්දියාව චෝදනා කළේය.

ඒ හේතුවෙන් එම රටවල් දෙක අතර වෙඩි හුවමාරු කිහිපයක් සිදු වූ අතර, යුද්ධයක්ද ඇතිවීමට ගොස් අවසන් මෙහොතේ දෙරටම නිහඬ විය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading