ලිංගාශ්‍රිත රෝග ගැන 10 ශ්‍රේණියේ විෂය නිර්දේශයට දැමීම ඇණහිටී! කොන්ඩම් භාවිතය ඇතුළත් කරන්න එපා කියා භීතියකින් වෙළිලා!

ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට කොන්ඩම් භාවිතය ඇතුළත් කිරීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡා ඇනහිට ඇති බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

මූලික සාකච්ඡා වටයෙන් පසුව මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් සිදුව නොමැති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර ඇතැයි එම පුවත්පතේ වාර්තාවක සදහන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර මේ යෝජනාව සම්බන්ධයෙන් ගැටලුවක් හටගෙන ඇති එම පුවත්පත මීට පෙර වාර්තා කළේ ය. ඒඩ්ස් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමේ ක්‍රමවේදයන් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට යෝජනාවෙන් අපේක්ෂිත විය.

කෙසේ වෙතත්, සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවති මූලික සාකච්ඡා පැවතියද කිසිදු තීන්දුවක් ගැනීමට නොහැකි වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට උනන්දු වන නමුත්, අධ්‍යාපන බලධාරීන් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙය ප්‍රමාද කරමින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය නොමැතිව යෝජනාව ඉදිරියට ගෙන යාමට අපහසු බව ද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් මෑතකදී කොන්ඩම් භාවිතය, Pre-exposure Prophylaxis (PrEP), සහ Post-exposure Prophylaxis (PEP) වැනි වැළැක්වීමේ ක්‍රමවේදයන් විධිමත් ලෙස සිසුන්ට හඳුන්වා දීමට නිර්දේශ කර තිබේ.

ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) දැනට පවතින විෂය නිර්දේශයේ අඩුපාඩු පියවීම සඳහා 10 ශ්‍රේණියේ විද්‍යා පෙළපොතට මෙම කරුණු ඇතුළත් කිරීමට යෝජනා සකස් කර තිබුණි.

ජාතික ඒඩ්ස් කවුන්සිලයේ අදාල විෂය පිළිබද කමිටුව විසින් මෑතකදී කරන ලද සමාලෝචනයකින් “වර්තමාන විෂය නිර්දේශයේ බරපතළ අඩුපාඩු” පවතින බව පෙන්වා දී ඇති අතර, සිසුන් ප්‍රධාන වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැතිව සිටින බවට අනතුරු අඟවා ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading