Netlix සහ Amazon වෙත අභියෝගයක් වෙමින් HBO Max ලංකාවට එන දවස මෙන්න! IT සීරීස් එකත් එක්කම රිලීස් වෙයි!

Warner Bros. Discovery සිය ප්‍රමුඛතම ගෝලීය සේවාව වන HBO Max එළඹෙන ඔක්තෝබර් 15 වන දින සිට බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොන්ගෝලියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුලු ආසියා පැසිෆික් කලාපය පුරා නව වෙළෙඳපොල රැසක දියත් කරන බව නිවේදනය කර සිටී.

HBO Max යනු HBO, Harry Potter, the DC Universe, Cartoon Network, Max Originals සහ විශිෂ්ට බොලිවුඩ් චිත්‍රපටයන්හි මෙන්ම Discovery, TLC, AFN, Food Network, IDසහ HGTV යන ලොව ප්‍රමුඛතම විනෝදාස්වාද සන්නාමයන් රැසක නිවහන වේ. 

HBO Max දියත් කිරීමෙන් පසු HBO හි නවතම කතා මාලාව වන IT: Welcome to Derry දියත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. Stephen King ගේ “IT” නවකතාව පදනම් කර ගනිමින් IT: Welcome to Derry නිර්මාණය කර ඇති අතර IT හි දෙවන කොටස චිත්‍රපට නිෂ්පාදක Andy Muschietti විසින් නිර්මාණය කර ඇත. මෙම කතා මාලාව සඳහා Taylour Paige, Jovan Adepo, Chris Chalk, James Remar, Stephen Rider, Madeleine Stowe, Rudy Mancuso සහ Bill Skarsgård රංගනයෙන් දායක වේ.

තවද HBO Max විසින් සිය රසිකයින් වෙත SupermanSinners සහ Final Destination Bloodlines වැනි ජනප්‍රිය හොලිවුඩ් කතාංගයන් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර  සංස්කෘතික කතාංගයන් වන  House of the DragonThe Last of UsThe Penguin සහ The Pitt වැනි නිර්මාණ රැසක් HBO සහ Max Originals වෙතින් ඉදිරිපත් කරනු ඇත. එසේම The Paper සහ MobLand^ මෙන්ම Gold RushDeadliest Catch සහ 90 Day FiancéFamily favorites වැනි විශිෂ්ට කතා මාලාවන් ද මේ යටතේ රස විඳීමේ අවස්ථාව උදා වේ. එසේම මේ තුලින් Adventure TimeWe Bare Bears, Tom and Jerry සිට The Wonderfully Weird World of Gumball දක්වා පවුලේ සැමට රස විඳිය හැකි නිර්මාණ රැසක්ද ඉදිරිපත් කෙරේ. 

ආසියා පැසිෆික් කලාපයේ දියත් කිරීමෙන් පසු www.hbomax.com හරහා මෙන්ම තෝරාගත් හවුල්කරුවන් මඟින් අවශ්‍ය දායකත්වය ලබා ගත හැකි අතර ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී නිවේදනය කරනු ඇත.

ගෝලීය වශයෙන් HBO Max වෙතින් ලබා ගත හැකි සම්පූර්ණ ලැයිස්තුව දැන ගැනීමට HBO Max Help Center වෙත පිවිසෙන්න.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading