මහින්ද කාල්ටන්වලින් එන්න තැනක් හොයනවා! තැන් හතරක් බලලා හරි මදිලු!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පදිංචි වීමට කොළඹ ස්ථාන හතරක් බලා ඇතත්, තවමත් සුදුසු නිවසක් හමු වී නොමැති බව ලංකාදීප පුවත්පතේ මාධ්‍ය වේදී සුජිත් හේවාජුලිගේ වාර්තා කරනවා.

විශේෂ කණ්ඩායමක් විසින් මේ දිනවල නිවාස සොයා බැලීම කරගෙන යන බව එම වාර්තාවේ ස‍දහන්.

මේ සම්බන්ධයෙන් එම පුවත්පත පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් විමසූ විට ඔහු කියා තිබුණේ තානාපතිවරුන් ඇතුළු විශේෂ ප්‍රභූවරුන් හමුවීමට පැමිණෙන හෙයින් සුදුසු පරිසරයක් තෝරාගැනීමට සිදුව ඇති බව.

ප්‍රමාණවත් සහ ගැලපෙන මාර්ග පහසුකම් සහිත ප්‍රදේශයක නිවෙසක් තෝරාගැනීම අපේක්ෂාව බව ඔහු කියා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට ගැලපෙන සුදුසු නිවෙසක් නුදුරේදීම සොයාගැනීමට අපේක්ෂා කරන බවත් සාගර කාරියවසම් මහතා කියා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරිමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාම නිවෙසින් ඉවත්ව තංගල්ලේ කාල්ටන් නිවෙසට ගියා. එම අවස්ථාවේ ඔහුව හමුවීමට පිරිස් පැමිණෙන අයුරු සංවිධානය කර තිබුණු අතර, ඔහු කාල්ටන් නිවෙසට යෑම විශේෂ අවස්ථාවක් ලෙස හුවා දැක්වීමටද කටයුතු කර තිබුණා.

එහෙත් ඔහු කාල්ටන් නිවෙසේ නොසිට නැවත කොළඹ පැමිණීමට සූදානම් වන බව ඒ කාලසීමාවේදීම වාර්තා වුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading