මධ්‍යම අධිවේගී මාර්ගයේ නතර වූ වැඩ! අනුර යළි අරී!

මධ්‍යම අධි­වේගී මාර්ගයේ කඩ­වත අන්තර් හුව­මා­රුවේ සිට මීරි­ගම දක්වා වැඩ නැවතී ඇති කොට­සෙහි ඉදි­කි­රීම් කට­යුතු ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (17) ආරම්භ කෙරේ.

මෙම මාර්ගය පසුගිය අයවැයේදී විශාලම මුදලක් වෙන් වූ ව්‍යාපෘතිය වන අතර, අති දැවැන්ත මුදලක් මේ සවෙන්හා කිරීමට නියමිතය. ‍ මේ වෙනුවෙන් ණය ලබා ගැනීමටද කටයුතු කෙරුණි.

ඒ අනුව ආර­ම්භය සහ කිලෝ­මී­ටර් 37ක දුරින් යුත් පළමු අදි­ය­රෙහි වැඩ කට­යුතු මෙසේ නැවත ආරම්භ වන අතර මේ ව්‍යාපෘ­තිය සඳහා මහා භාණ්ඩා­ගා­ර­යෙන් සහ චීනයේ එක්සිම් බැංකු­වෙහි සහන ණය යටතේ රුපි­යල් බිලි­යන 229ක පමණ මුද­ලක් වැය කෙරේ. මෙහි ඉදි­කි­රීම් කට­යුතු 2028 සැප්තැ­ම්බර් මාසයේ දී අව­සන් කිරී­මට සැල­සුම් කොට ඇත.

මධ්‍යම අධි­වේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරි­ගම සිට කුරු­ණෑ­ගල දක්වා කොටස අව­සන් කොට ඇති අතර පසු­ගිය කාලයේ ඇතිවූ විවිධ තත්ත්ව­යන් හේතු­වෙන් පළමු අදි­ය­රෙහි කට­යුතු ඇණ­හිට තිබිණි. එහිදී දූෂණය, අකාර්යක්ෂමතාව හා නාස්තියද පදනම් විය. මෙය මෙරට ජනතාවට දරාගත නොහැකි තරම් අධික වියදමක් වූ අතර ආයෝජනයක් ලෙස අධිවේගී මාර්ගවලින් මෙරට ආදායමට ලැබුණු දායකත්වය බරපතල ලෙස ගැටලුකාරී විය.

කඩ­වත අන්තර් හුව­මා­රුවේ සිට මීරි­ගම දක්වා වන කොට­සෙහි ස්ථාන කිහි­ප­ය­කදී කිලෝ­මී­ටර් 15ක දුරක් කුලුනු මතින් ඉදි­කෙ­රෙන අතර ගම්පහ, වේය­න්ගොඩ සහ මීරි­ගම නගර ආශ්‍රි­තව අන්තර් හුව­මාරු ස්ථාන තුන­කින් සම­න්වි­තය. ප්‍රවා­හන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නා­යක මහ­ත්වරු ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වෙති.

මෙම මාර්ගයේ තත්වය පිළිබද බීබීසී සිංහල වෙබ් අඩවිය පළ කරන ලද වාර්තාවක් පහළ දැක්වේ.

කඩවත සිට මහනුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ යන්න ලැබෙන්නේ කවදා ද?

Central Highway

ඉදිකිරීම් ආරම්භ කර වසර 8කට ආසන්න කාලයක් ගත වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වනු ඇතැයි, වත්මන් රජය විශ්වාසය පළ කරයි.

ප්‍රධාන කොටස් 4කින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු විවිධ හේතු මත කිහිප වරක් ම ඇණහිට තිබූ අතර මේ හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට වන්දි ගෙවීමට ද රජයට සිදුවිය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගය (ඇතුගල්පුර පිවිසුම) 2022 ජනවාරි 15 වැනි දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම මාර්ග කොටස මෙරට අධිවේගී මාර්ග ඉතිහාසයේ අභියෝග රැසක් මත ඉදිවූ අධිවේගී මාර්ගය ලෙස සැලකෙයි. ඒ අතුරින් ප්‍රධාන වන්නේ කොවිඩ් වසංගතයයි.

දේශීය කොන්ත්‍රාත්කරුවන්, දේශීය ඉංජිනේරුවන්, දේශීය උපදේශකවරුන්ගේ සහයෙන් හා දේශීය බැංකුවලින් ලබාගත් ණය භාවිතයෙන් මෙම මාර්ග කොටස ඉදි කෙරිණි.

ඉදිකිරීම් ආරම්භ කර වසර 8කට ආසන්න කාලයක් ගත වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වනු ඇතැයි, වත්මන් රජය විශ්වාසය පළ කරයි.

මෙම මාර්ගය සම්පූර්ණයෙන් ම ඉදිකිරීමෙන් පසු හම්බන්තොට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවතට පැමිණ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පැය 4කට අඩු කාලයකින් මහනුවරට යාමට හැකිවේ.

කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක්, මීරිගම සිට කුරුණෑගල දකවා කිලෝමීටර් 39.29ක්, පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5ක්, සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3කින් මෙම මාර්ගය සමන්විත වේ.

මේ වන විට වැඩ නිමවා ජනතාවට විවෘත වී ඇත්තේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස පමණි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය මෙන් ම මෙම මාර්ගය සම්පූර්ණයෙන් අවසන් කර ජනතාවට අතට පත් කිරීම පිළිබඳව වත්මන් රජයේ සැලසුම ගැන ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේනගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අර්බුදයට ලක්ව ඇති කොටස වන්නේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස
මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් අවසන් කිරීමට දළ වශයෙන් රුපියල් බිලියන 158.385ක වැය බරක් යනු ඇතැයි ගණන් බලා තිබේ

කඩවත – මීරිගම කොටස ඉදිකිරීම අර්බුදයට ලක්ව ඇත්තේ ඇයි?

Skip podcast promotion and continue reading

මධ්‍යම අධිවේගී මාර්ගයේ අර්බුදයට ලක්ව ඇති කොටස වන්නේ, කඩවත සිට මීරිගම දක්වා වූ කොටස බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

“අපි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ 2015 අගෝස්තු 4 වැනි දා. දැන් අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවා තව ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා.”

සම්පූර්ණ අධිවේගී මාර්ගය ම අවසන් කිරීමට දළ වශයෙන් රුපියල් බිලියන 158.385 වැය බරක් යනු ඇතැයි ගණන් බලා තිබේ.

වසර 10ක් තිස්සේ මෙම වැඩකටයුතු අවසන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඉදිරි වසර 4ක කාලයේදී මෙය අවසන් කිරීමට දළ වශයෙන් රුපියල් බිලියන 360කට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවනු ඇති බවට ගණන් බලා ඇතැයි ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කඩවත – මීරිගම කොටස චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වය යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය වැනි කරුණු නිසා ඉදිකිරිම් නතර කිරීමට සිදුවීම හේතුවෙන් බැංකු පොළිය සහ සමාගම් වන්දිය ලෙස රුපියල් බිලියන 46ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි අමාත්‍ය බිමිල් රත්නායක මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියේය.

කෙසේ වෙතත් චීන එක්සිම් බැංකුව සහ ඉදිකිරීම් භාර චීන සමාගම සමග සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට හෝ ගිවිසුම අලුත් කර නැවත වැඩ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අර්බුදයට ලක්ව ඇති කොටස වන්නේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස
මධ්‍යම අධිවේගී මාර්ගයේ අර්බුදයට ලක්ව ඇති කොටස වන්නේ, කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ය

අදියර දෙකකින් ඉදිවන පොතුහැර – ගලගෙදර කොටස

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන කොටස අදියර දෙකකින් ක්‍රියාත්මක වේ.

“පොතුහැර ඉඳලා රඹුක්කන කෑල්ල ලබන අවුරුද්දේ අවසන් වෙනකොට වැඩ අවසන් කරනවා. ඒක එතනින් නවත්තලා වැඩක් නැහැ රඹුක්කන ඉඳලා ගලගෙදර කෑල්ල හැදෙන්න ඕනේ. ඒ කෑල්ලේ ඉඩම් අත්පත් කර ගැනීම සම්පූර්ණයෙන් ම අවසන්, අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක, තුන ඇතුළත ටෙන්ඩර් කැඳවන්න,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ සමග ම මාර්ග පුළුල් කිරීමක් සහ අතුරු මාර්ග අලුතින් ඉදිවිය යුතු බවට හඳුනාගෙන ඇති අතර ඒ සඳහා ද මෙවර අය වැයෙන් මුදල් වෙන් වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසට මොකද වෙන්නේ?

දැනට පවතින තත්ත්වය අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ජාතික සැලසුමේ ඇති කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටස ඉදිකිරීමට මුදල් වෙන් කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ ය.

“ඒ කොටසට අධිවේගී මාර්ගයක් ඕනෙ ද, පාර පුළුල් කරලා ලේන් 4ක් වගේ දාලා, ඊට වඩා ලාභදායී ද කියලා බලන්න ඕනේ. ඒ කොටස ගැන නැවත සලකා බැලීමක් කරනවා. මේ අවුරුදු දෙකේදී නැවත මුදල් වෙන්වීමක් වෙන්නේ නැහැ.”

මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ ව්‍යාපෘතිය ඉදිරි වසර 5 ඇතුළත අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට දැනට සැලසුම් කර ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන වැඩිදුරටත් කියා සිටියේ ය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading