පළාත් සභා ඡන්ද පැවැත්වීමේ කාරක සභාවේ කාලය දික් කෙරේ

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය සැප්තැම්බර් මස 17 දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව සභානායක ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක විසින් අද (ජුනි 10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එම විශේෂ කාරක සභාව පත් කිරීමේ යෝජනාව ජනවාරි 06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී එම කාරක සභාවේ වාර්තාව පළමු රැස්වීම් දින සිට මාස 03ක කාලයකදී හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා සම්මත කරනු ලැබීය.

Author

Related Posts