ටොම් පච අත අරින්න එපා… අගමැතිනිය කිව්ව විදිහේ කැබිනට් තීන්දුවක් අරන් නෑ – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය

විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව පසුගියදා විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පරිපාලන නිලධාරීන් හා රාජ්‍ය නිළධාරීන් සමග පැවති සාකච්චාවකින් අනතුරුව පවසා තිබුණා. මෙම කැබිනට් තීන්දුවත් සමග විදුහල්පති වරුන්ට කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නයක් විසඳීමට හැකි වනු ඇති බව අගමැතිවරිය සඳහන් කර තිබුණා.

කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් අද(09) මාධ්‍ය හමුවක් කැඳවමින් විදුහල්පති ශ්‍රේනිධාරින්ගේ සංගමය සඳහන් කළේ මෙවැනි කැබිනට් තීරණයක් ලබා ගෙන නොමැති බවයි.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව ප්‍රකාශ කළේ පසු ගිය වසරට කැබිනට් රැස්වීම් 21ක් පවත්වා ඇති අතර එම රැස්වීම් වල තීරණ පිළිබඳව පරික්ෂා කර බැලීමේදී අගමැතිය පවසන ආකාරයේ යෝජනා හෝ තීරණයක් සඳහන් නොවන බවයි.

විදුහල්පතිවරුන්ගේ ගැටලු සම්බන්ධව කතා කළ බවට කසිදු තැනක් සඳහන් නොවන බව පවසමින් ඔහු කියා සිටියේ, ” අපි අගමැතිවරියට කියනවා, මේ වගේ ටොම් පච අත අරින්න එපා.” යනුවෙනි.

අනිවාර්යයෙන්ම පළාත් සැබෑ මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබුණා. ඔබ දන්නවා ගුරුවරු සහ විදුහල්පතිවරු 21 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ විශාල දායකත්වයක් මේ ආණ්ඩුවට ලැබුණා. ඔවුන් හිතනවා ඉදිරි පළාත් සභා ඡන්දෙදිත් ඒ ගුරුවරු සහ විදුහල්පති වරින් ගිහිල්ලා ඇස් පියාගෙන ඡන්දය ප්‍රකාශ කරයි කියලා. අනේ එහෙම වෙන් නෑ අගමැතිතුමියනි… යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading