දෙමළ, මුස්ලිම්, මලයග ලොකුම පක්ෂ එක්වෙයි!

උතුරු, නැගෙනහිර මෙන්ම දෙමළ, මුස්ලිම් සහ මලයහ ඇතුළු මෙරට දෙමළ භාෂාව කතා කරන සමස්ත ජනතාව මුහුණ පාන පොදු ගැටලුවලට සාමූහිකව විසඳුම් සෙවීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ හයක් එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

ඔවුන් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ කොළඹ අද (13) කැඳවා තිබූ විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම සුවිශේෂී දේශපාලන එකඟතාවය සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂවල නායකයින් මෙන්ම ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

ඒ අනුව විපක්ෂ නායක විපක්ෂ නායක ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මෙම අවස්ථාව නියෝජනය කළා.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂය හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන්ද මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්ව සිටීම සුවිශේෂී වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading