නව නිදහස් වෙළෙඳ ගිවිසුම් හා යාවත්කාලීන කිරීම් – අයවැය 2027

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ ජාලයට සම්බන්ධ කිරීම සඳහා පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කරන බව හා තවත් රටවල් සමඟ නව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බව අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසයි.

ඒ අනුව ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීම සඳහා මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් පත්කර ඇති බව පවසයි.

එමෙන්ම චීනය සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය සමඟ විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම්වලට එළඹීමට බලපොරොත්තු වන බවද, ශක්‍යතා අධ්‍යයනයකින් පසු වෙනත් රටවල් සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරන බවද පවසයි.

තවද, අපනයන තරගකාරිත්වය, අපනයන විවිධාංගීකරණය සහ තිරසර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 3430ක යුරෝපා සංගම් ප්‍රදානය යටතේ ‘ශ්‍රී ලංකා- යුරෝපා සංගම් තිරසර වෙළෙඳ හා ආර්ථික ඒකාබද්ධ ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කරන බවද පවසයි.

Author

Leave a Reply

Related Posts