රථවාහන අනතුරු අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ කරමින් නව ඩිජිටල් රියදුරු අකුසලතා ලකුණු පද්ධතියක් සහ මාර්ග ආරක්ෂණ බලාත්මක කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කර ඇති බව ඊයේ (12) ජනාධිපතිවරයා අය වැය කතාවේදී ප්‍රකාශ කළේය.
මෙම නව ක්‍රමවේදය යටතේ, රියදුරන් සිදු කරන මාර්ග නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ඔවුන්ගේ ලකුණු කපා හැරීම සිදු කෙරේ. යම් රියදුරෙකුගේ ලකුණු ප්‍රමාණය අවසන් වී ශූන්‍ය වුවහොත්, ඔහුගේ රියදුරු බලපත්‍රය වසර කිහිපයකට අත්හිටුවීමට (අවලංගු කිරීමට) මෙමගින් පියවර ගනු ඇති බව ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.
