නාමල්ගේ ප්‍රතිශෝධන ඉල්ලීම සම්බන්ධ නියෝගය කල් යයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය දෙසැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 25) තීරණය කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කර, තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

Author

Leave a Reply

Related Posts