මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය: චාමර සම්පත්ගේ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලූ පෙත්සමේ නියෝගය දෙසැම්බර් 11 වැනිදා

මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියට අදාළව චාමර සම්පත් දසනායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ නියෝගය ලබන දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද (25) තීරණය කර තිබේ.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ හමුවේ මෙම පෙත්සම අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් චාමර සම්පත් දසනායකට ලබා දුන් ඇප නියෝගය අභියෝගයට ලක් කරමින්, එම නියෝගය බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබේ.

අද දින අධිකරණය හමුවේ අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය පෙනී සිටි අතර, වගඋත්තරකාර චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු ඉදිරිපත් කර තිබේ.

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා, පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී තිබේ.

එමෙන්ම, මෙම පෙත්සමට අදාළ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් 02 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා දෙපාර්ශ්වයටම වැඩිදුරටත් නියෝග කළේය.

පුන්සිරි ජෙම්ස් ආයතනයේ හිමිකරු වන පුන්සිරි තෙන්නකෝන් නමැත්තාගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබා ගැනීම, සුභාෂ් ජෙම්ස් ආයතනයේ හිමිකරු වන සුභාෂ් කරුණාරත්නගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සහ ප්‍රියන්ත ජෙම්ස් ආයතනයේ හිමිකරු වන ප්‍රියන්ත සරත් සිල්වාගෙන් රුපියල් ලක්ෂ 02ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම යන චෝදනා මෙම නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව එල්ල වී තිබේ.

පොස්පේට් ආන­ය­නය කරන සමා­ගම් තුන­කින් රුපි­යල් ලක්ෂ 84ක මුද­ලක් අල්ල­සක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධි­යට අදා­ළව අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගත් හිටපු ඇමැති හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට කොළඔ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම මහතා ඔක්තෝබර් 12 දින නියෝග කළේය.

Author

Leave a Reply

Related Posts