සජින්ගේ රටයෑමට දිවුරුම් ප්‍රකාශය හරස් වේ

තමාට එරෙහිව විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය පනවා ඇති නියෝගය පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් විදේශගත වීමට ඇති නිසා තාවකාලිකව ලිහිල් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඉල්ලීමක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කර ඇති මෝසම අද (ජුනි 19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ කැඳවා තිබුණ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ ඔහුගේ ඉල්ලීම නිසි දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එසේ නිසි දිවුරුම් ප්‍රකාශයක් ඔහුට ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දී ඇත්තේ එම ඉල්ලීම සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය මීට පෙර මහාධිකරණය සඳහා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් වීම හේතුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටි 30කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව පවතී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading