නාමිනීගේ ලිබරල් තරුණ ව්‍යාපාරය ජාත්‍යන්තරයට යයි!

ශ්‍රී ලංකාවේ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් ජාත්‍යන්තර ලිබරල් තරුණ සම්මේලනයේ නිල සාමාජිකත්වය හිමිකරගෙන ඇති ඇත. ලිබරල් තරුණ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ලිබරල්වාදී මතවාදය විවෘතව ප්‍රවර්ධනය කරන සංවිධානයකි.

තායිවානයේ තායිපේ නුවර පැවති IFLRY හි 58 වැනි මහා සභා රැස්වීමේදී මෙම සාමාජිකත්වය ලබා දී ඇති අතර, මේ හරහා ලිබරල් තරුණ ව්‍යාපාරය ලොව විශාලතම ගෝලීය ලිබරල් සහ ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංවිධාන ජාලයක කොටසක් බවට පත් වේ.

නීතීඥවරියක සහ පොඩ්කාස්ට් හරහා අන්තර්ජාල ක්‍රියාකාරිනයක නාමිනි පණ්ඩිත 2022 වසරේදී ආරම්භ කරන ලද මෙම ලිබරල් තරුණ ව්‍යාපාරය, ශ්‍රී ලංකාව පුරා බිම් මට්ටමේ වැඩසටහන් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සාක්ෂරතාව, තරුණ නායකත්වය, පුද්ගල නිදහස සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇත.

එම ව්‍යාපාරය පවසන පරිදි, IFLRY වෙත ඔවුන් ඇතුළත් කරගනු ලැබුවේ තරුණ පුහුණු වැඩසටහන්, නීතිමය උපදේශන සහ මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර ඇතුළු ඔවුන්ගේ දේශීය බලපෑම සහ සිවිල් ක්‍රියාකාරිත්වය පිළිබඳව සිදුකළ ඇගයීමකින් අනතුරුවය.

Neon Media යූටියුබ් නාලිකාවේ විකාශය වන “Liberal with Namini” (නමිනි සමඟ ලිබරල්) ඩිජිටල් වැඩසටහන මෙම සංවිධානයේ ප්‍රධානතම මූලිකත්වයක් වන අතර, තරුණ තරුණියන් අතර පුද්ගල නිදහස ප්‍රවර්ධනය කිරීම ඒවායේ අදහස්ය. ලිබරල්වාදී ආර්ථික සංකල්පද එම වැඩසටහන් මගින් ප්‍රවර්ධනය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත වගවීම සහ නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරමින් මෙම ව්‍යාපාරය නීතිමය ක්‍රියාකාරීත්වයේද නිරත වී ඇත.

2024 ජනාධිපතිවරණය සමයේදී, LYM නියෝජිතයින් ජනාධිපති අපේක්ෂකයින් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ තරුණ ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ද ඉදිරිපත් කළහ.

ඩිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසු ගංවතුරින් පීඩාවට පත් ප්‍රජාවන්ට ආධාර සැපයීම සහ අධික ගංවතුර හේතුවෙන් ඥාතීන්ට ගමන් කිරීමට නොහැකි වූ රෝහල්ගත රෝගීන්ට සහාය වීම ඇතුළු මානුෂීය වැඩසටහන්ද සංවිධානය විසින් දියත් කර තිබේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එහි නිර්මාතෘ නමිනි පණ්ඩිත, සාමාජිකත්ව ක්‍රියාවලිය පුරාවටම ලබාදුන් මඟපෙන්වීම වෙනුවෙන් IFLRY කාර්යාංශයට ස්තූතිය පුද කළ අතර, IFLRY හි සභාපති හනියා නියෝ (Hania Knio), මහලේකම් ටිර්සා ඩ්‍රෙන්ට් (Tirza Drent), උප සභාපති ජූලී රූබි (Julie Ruby) සහ භාණ්ඩාගාරික කායි පිෂ්කේ (Kai Pischke) යන මහත්ම මහත්මීන්ගේ සහයෝගයද ඇගයීමට ලක් කළාය.

ව්‍යාපාරයේ උපදේශකවරුන්, අනුශාසකයින්, පරිත්‍යාගශීලීන්, ස්වේච්ඡා සේවකයින්, සාමාජිකයින් සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් වෙත ද සිය කෘතඥතාව පළ කළ පණ්ඩිත මෙනවිය, ඔවුන්ගේ කැපවීම මෙම ජාත්‍යන්තර පිළිගැනීමට හේතු වූ බව ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර සහයෝගීතාව, අධ්‍යාපනික සම්පත් සහ ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී ජාල වෙත ප්‍රවේශ වීම හරහා මෙම සාමාජිකත්වය මඟින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා නව අවස්ථා උදාකරනු ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Author

Related Posts