කාල් මාක්ස් උපත ( 05/05/1818- 14/03/1883) ලැබුවේ එවකට ප්‍රසියාවේ ට්‍රියර් නගරයේය.මාක්ස් 1883 දී මිය යන විට වසර 65 ක් විය. මේ 65 වසර අවසාන වන විට මාක්ස් විසින් ගොඩ නාග තිබුණු සදා සුවිශාල මෙන්ම විශිෂ්ට වුත් න්‍යායික සහ දේශපාලන කතිකාව සහ භාවිතය අප ඉපදුන පසු ගිය සියවසේ වැඩ කරන ජනතාව ගේ සහ දිලින්දන්ගේ ප්‍රධාන විමුක්ති මාර්ගය විය.එය තව දුරටත් හුදු න්‍යායික කතිකාවක් නොව සටන් බිමේ සුපරිකශාවට භාජනය වූ ලෝක දෘෂ්ටියක් විය.
අපේ ජිවන අත්දැකීම්
එය අපේ පරම්පරාවේ බොහොමයක් යෞවනයන්ට සහ යෞවනියන් ට සිය ජිවිත හැඩ ගස්වා ගැනීමට ඉමහත් බල පෑමක් කරනු ලැබීය. මා මේ කෙටි සටහන ලියන්නේ යෞවන අවධියේ සිට එයින් මට කල බුද්ධි ප්‍රබෝධය ට සහ අපේ ජිවිත වලට ආලෝකය සපයමින් අඳුරෙන් එලියට ඒමට නිශ්චිත ලෙස මග පෙන්වීමට කරන ගැඹුරු කෘතගුණ සැලකීමක් වශයෙනි.
අප දිළින්දන් වීමට හේතුව සහ ඉන් ගොඩ ඒමේ මාර්ගය නිශ්චිත ලෙස කියා දුන්නේ එයයි.මේ ගමන තුළ අපට විඳීමට සිදු වූ දුක් කරදර , වද හිංසා මෙන්ම සිර ගතවීම් සහ නැති වූ දෙය අපමණය. නමුත් මාක්ස් මේ දේශපාලන භාවිතාව සහ කතිකාව ගොඩ නැගුවේ අගහිඟකම් වලින් අඩපන වූ පවුලක් සමග විටෙක සිය බිරිඳ වූ ජෙනීගේ රිදී කරාබු ආයිත්තම් උගස් කරමින් මෙන්ම දුප්පත් කම නිසා මිය ගිය සිය දරුවෙකුට මිනි පෙට්ටියක් ගැනීමට පවා මුදල නොමැතිව අසරණ වූ පරිසරයකයි.
මාක්ස්වාදය යල් පැන ගොස්ද?
අද මාක්ස්වාදය යල් පැන ගොස් ඇති බව සහ එහි ඇති වලංගු භාවයක් නැති බවට බුද්ධිමතුන් ලෙස කට මැත දොඩවන මුග්ධ කයිවාරුවලින් සමාජ මාධ්‍ය පුරවන කයිවාරු කාරයන් එමටයි. මෙවැනිම උගත්තු මාක්ස්ගේ කාලයේ සහ ඉන් පසුවත් එමට සිටියහ.
නමුත් මේ උගත් මහත්වරුන්ට උත්තර දිය නොහැකි ව තක්කු මුක්කු වන අදටත් වලංගු වන ලෝකය පුරා ධනපති ක්‍රමයේ සුරාකෑම,දුප්පත්කම,විරැකියාව,රටවල කලින් කල ඇතිවන සහ ලෝක ආර්ථික අර්බුදයන්ට සහ දේශපාලන විපර්යාසයන්ට හේතුවන කාරණයන් කිහිපයක් මුලික වශයෙන් ප්‍රාග්ධනය (Das Kapital) ග්‍රන්ථය රචනා කරමින් මාක්ස් විසින් පැහැදිලි කරනු ලැබිණ. මේවාට තිරසාර විසඳුම් ධනපති ක්‍රමය තුළ ලබා ගත නොහැකි බව සහ ධනපති ක්‍රමය එහි පදනමමින්ම විප්ලවීය ලෙස වෙනස නොකර දිළින්දන්ට විමුක්තිය කර යා නොහැකි බව පසු ගිය සියවසේ සිට අද දක්වා පිඩිත ලෝක ප්‍රජාවගේ දේශපාලන අත් දැකීම් පෙන්වා දෙයි.
මාක්ස් විසින් ධනපති ක්‍රමයේ අමානුෂික බව පෙන්වනු ලැබුවේ ධනපති අත ලොස්සක් විසින් බහුතර වැඩ කරන ජනතාව සූරා කෑමට භාජනය කිරීමයි. මෙය මාක්ස් විසින් ප්‍රාග්ධනය ග්‍රන්ථයේ පැහැදිලි කරනු ලැබුවේ ‘අතිරික්ත වටිනාකම’ (Surplus Value ) උකහා ගැනීම ලෙසය. එනම් ධනපතියා විසින් වෙළඳ භාන්ඩය නිෂ්පාදනය කරන කම්කරුවාට ශ්‍රම වටිනාකම වෙනුවෙන් ගෙවිය යුතු මුදල නොගෙවා එය ‘සොරකම්'(Theft ) කිරීම මගිනි. ධනපති ක්‍රමය පවතින්නේ ධනපතියන් විසින් කරන මේ සොරකම පවත්වා ගනිමින් සිය දේශපාලන ආධිපත්‍ය අනතුරට පත් විය හැකි සෑම විටකම එය පවත්වා ගැනීමට ප්‍රචන්ඩත්වය පාව්ච්චි කිරීම මගිනි.
අතිරික්ත වටිනාකම
ලංකාවේ ඇඟලුම් කර්මානත්යේ යෙදෙන දහස් සංඛ්‍යාත ස්ත්‍රී කම්කරුවන් සූරාකෑම මගින් ධනපතියා සිය අතිරික්ත වටිනාකම සොරා ගනු ලබන්නේ 19 වැනි සියවසේ කම්හල් තුල කම් කරුවන්ගේ ගේ අතිරික්ත වටිනා කම සුරා කෑ ආකාරයටමයි.ලංකාවේ ඇඟලුම් කම්හලක පැයක් හෝ දෙකක් ඇතුලත ඩෙනිමක් නිෂ්පාදනය කරන ස්තිරියක් බටහිර රටවල විදේශීය වෙළඳ පොලෙහි පවුම් 200 කට විකිණීම මගින් ලබා ගන්නා මුදල පවුම් පහකටත් වඩා අඩු සොච්චමක් පමණි.මෙය ඇයට ලංකාවේ ඇයගේ දිවියේ පැවැත්ම සහතික කිරීමට යන්තමින් ප්‍රමාණවත් මුදලකි. මේ ක්‍රියාවලියේදී තව දුරටත් නිෂ්පාදනයට සිය ශ්‍රමය වගුරුවන කම්කරු ස්ත්‍රිය තමන් නිෂ්පාදනය කරන භාණ්ඩයෙන් නැත්නම් ඩෙනිමෙන් ඇගේ ශ්‍රමය ගැන තැකීමක් නොකොට ඇගේ සමාජ සම්බන්ධය නොසලකා නැත්නම් මාක්ස් විසින් හඳුන්වන පරාරෝපනය (Alienation) අයිතිය වෙනස් වීමක් කරයි. මෙය මාක්ස් විසින් හඳුන්වන්නේ ‘වෙළඳභාණ්ඩ අධිවන්දනාව’ (Commodity Fetishism) ලෙසය.
නිෂ්පාදනයට සිය ශ්‍රමය වැගිරීම හැර එයට පසුව කිසිම ක්‍රියාවලියකට ඇය සම්නබ්න්ධ නොවේ.ඇයගේ නිර්මාණාත්මක හැකියාව මුළු මනින්ම මොට කර දමයි.මෙයින් සුරාකෑම මුළුමනින්ම සඟවනු ලබයි.මෙසේ අතිරික්ත වටිනාකම උකහාගැනීම ඇඟලුම් කර්මාන්තය ක්‍රියාත්මක වන ව්‍යූහාත්මක එන්ජිම වශයෙන් පවතී.ලංකාවේ ඇඟලුම් කර්මාන්තය 70% සහ 80% අතර සංයුක්ත වන්නේ ස්ත්‍රීන් ගෙනි. ඔවුන් ඇඟලුම් කමන්තය තුල අනාරක්ෂිත, කටුක මෙන්ම අනුකම්පා විරහිත සුරා කෑමකට භාජනය වෙයි.
එංගල්ස් ගේ උපහාරය
මාක්ස් ගේ ආර්ථික සහකම්පනයේ (Economic Empathy) ගැඹුර ප්‍රාග්ධනය (Das Kapital) පුරාම සොයා ගැනීමට පුළුවන් වන අතර මාක්ස්ගේ පොදු මනුෂ්‍යත්වය මෙයින් හොඳින් පැහැදිලිවන බව විශ්වාස කරමි.
එපමණක් නොව, චාල්ස් ඩාර්වින් විසින් ඓන්ද්‍රිය ස්වභාව ධර්මයේ සංවර්ධන නියාමය සොයා ගත්තා සේම, කාල් මාක්ස් විසින් මානව ඉතිහාසයේ සංවර්ධන නියාමය සොයා ගත් බව 1883 දී මාක්ස් ගේ අවමගුල් උත්සවය අමතා කතා කරමින් එංගල්ස් ප්‍රකශ කලේය. එමෙන්ම මෙහිදී වර්තමාන ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය චලනය වන සුවිශේෂ නියාමය වූ ‘අතිරික්ත වටිනාකම’මාක්ස් විසින් සොයා ගත් බව පෙන්වා දුන් එංගල්ස් මෙයට පෙරාතුව ධනේශ්වර මෙන්ම සමාජවාදී ආර්ථික විශේෂඥයන් අඳුරේ අත පත ගාමින් සිටි ප්‍රශ්නය මාක්ස් විසින් ඒකාලෝක කළ බව ප්‍රකාශ කලේය.
ධනපතියන් විසින් අතිරික්ත වටිනාකම උකහා ගනිමින් වැඩ කරන ජනතාව අසාධාරණ ලෙස ඇද දමා ඇති අධික ලාභයන් උපාය ගැනීමේ ගොදුරෙන් බේරා ගත හැක්කේ මේ ධනපති ක්‍රමය වෙනස් කොට සමාජවාදී සමාජයක් ගොඩ නැගීම තුලින් පමණි.දුපත්කම නැති කොට සමාජ සාධාරණත්වය සහිත අභිමානවත් පුර වැසියන් ගොඩ නැගිය හැක්කේ එමගිනි.
උපන් දින ශුභාශිංශනය
කාල් මාක්ස් ට දිය හැකි උපන් දින ශුභාශිංශනය වන්නේ ඔහු විසින් වැඩකරන පංතියේ විමුක්තිය උදෙසා මුළු මහත් ජිවිතයක් කැප කරමින් පෙන්වා දුන් මාර්ගය ලෝක සමාජවාදී ව්‍යාපාරය විසින් මෙතෙක් ලබා ඇති සියලු අත්දැකීම් වලින් පෝෂණය කොට සහ මට සිලුටු කරමින් ඉදිරියට ගෙන යන බවට දෙන පොරොන්දුවයි.
දයාපාල තිරාණගම
