රුමේෂ් ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියට දිවයිනෙන් පිටවෙයි!

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා අද(19) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. එම තරගාවලිය අනිද්දා (21) පැවැත්වීමට නියමිතයි.

ලොසෑන් තරගයෙන් පසුවද ඔහුගේ ජාත්‍යන්තර තරග කාලසටහන තරමක් කාර්යබහුල වන අතර, අගෝස්තු 27 වැනිදා ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියටද රුමේෂ් තරංග එක්වීමට නියමිතව තිබෙනවා.

එම තරග මාලාවේ තවත් වැදගත් අදියරක් ලෙස සැප්තැම්බර් 5 වැනිදා බෙල්ජියමේදී පැවැත්වීමට නියමිත ඩයමන්ඩ් ලීග් අවසන් තරගයද ඔහු නියෝජනය කිරීමට නියමිත බව සඳහන්.

මේ වන විට හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ රුමේෂ් තරංගයි. ඒ අනුව ඉදිරි ඩයමන්ඩ් ලීග් තරගාවලි ශ්‍රී ලංකා ක්‍රීඩකයාට සිය ලෝක ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කරගැනීමට වැදගත් අවස්ථාවක් වනු ඇති.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading