ශිරාන් බාසික්ගේ මිලියන 100ක දේපළ තහනම් – පියා ලබන 22 දක්වා යළි රිමාන්ඩ්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් විසින් උපයා ගන්නා ලදැයි සැකකෙරෙන රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් දේපළ සමූහයක් දින 14ක කාලයක් සඳහා තහනම් කිරීමට පියවර ගෙන ඇත. මේ අතර, මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ශිරාන් බාසික්ගේ පියා ලබන 22 වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (8) නියෝග කර තිබේ.

ශිරාන් බාසික්ගේ පියාට එරෙහි නඩුව අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුගේ පියාට එරෙහිව මෙම නියෝගය ලබා දී තිබේ. ශිරාන් බාසික් විසින් ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිවසක් මිලදී ගෙන ඇත්තේද සිය පියාගේ නමින් බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

පොලිසිය සඳහන් කරන අන්දමට මෙලෙස තහනමට ලක්වූ දේපළ අතර ගොඩනැගිල්ලක්, නිවසක්, හෝටලයක් සහ ඉඩම් කොටස් 2ක් ඇතුළත් වේ. නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන විධිවිධාන යටතේ සිදුකෙරෙන ඉදිරි විමර්ශන සඳහා මෙම තහනම පනවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading