ශිරන්ති හෙට ඇස් රෝහලට

පොදු දේපල අයථා පරිහරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති ශිරන්ති රාජපක්ෂ හෙට (ඔක්තෝබර් 09) කොළඹ අක්ෂි රෝහලට ඉදිරිපත් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න ප්‍රකාශ කර ඇත.

අද (ඔක්තෝබර් 08) ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව හා එහිදී ඇයගේ සෞඛ්‍ය තත්වය පූර්ණ ලෙස පරික්ෂාවට ලක්කළ බව බන්ධනාගාර ප්‍රකාශවරයා කියා ඇත.

ඒ අනුව හෙට දිනයේ ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Author

Related Posts