උද්ධමනය 9% දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති කියයි

පසුගිය මාසයේදී සියයට 8.3ක් ලෙස වාර්තා වී ඇති මෙරට උද්ධමනය ලබන මාසයේදී සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව අද (නොවැම්බර් 20) පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර ඇත.

2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බවද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම හේතුවෙන් එම පුරෝකථන වෙනස් වී ඇති බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත.

උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමට හැකි ඉක්මනින් ළඟා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කර ඇති ඔහු, උද්ධමනය ඉහළ යාම හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවටද දැඩි බලපෑම් එල්ල විය හැකි බව සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts