විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් විසින් සිදු කිරීමට නියමිත දැනුවත් කිරීම සඳහා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවන බව ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අද (අගෝස්තු 19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ එම කරුණ සම්බන්ධයෙන් ස්ථාවරයක් හා අදහසක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇති බවත්, ඒ අනුව කටයුතු කරන බවත්ය.
මේ සම්බන්ධයෙන්ම පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සභානායක ඇමති බිමල් රත්නායක පැවසුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිකයන් විසින් එම සංශෝධන පිළිබඳ සියළු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පිළිබඳ තීරණයක් ගෙන නැති බවත්, විපක්ෂ නායකවරයා විසින් ඒ සඳහා සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළද එය වලංගු එකක් නොවන බවයි.
