පුෂ්පාරාම විහාරයේ පෙරහැරට කොළඹ මහ නගර සභාවෙන් රුපියල් මිලියනක්

කිරුළපන පුෂ්පාරාම විහාරස්ථානය වාර්ෂිකව පවත්වනු ලබන මිහිඳු පෙරහැර සඳහා කොළඹ මහ නගර සභා අරමුදල්වලින් රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

අගෝස්තු 13 වැනිදා රැස්වූ කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුව විසින් එම මුදල් ලබාදීම සඳහා අනුමැතිය ලබාදී ඇති අතර ඒ සභාවේ ආවරණ අනුමැතියට යටත්වය. තවද එම ගෙවීම පළාත් ආණ්ඩුකාරවරයාගේ දැන ගැනීම සඳහා යොමු කිරීමටද තීරණය කර ඇත.

එම විහාරස්ථානයේ පෙරහැරේ වියදම් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදෙන ලෙසට වූ ඉල්ලීම කිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් විසින් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ට යොමු කර ඇති අතර එම ඉල්ලීම ඉන්පසු මුදල් කමිටුවට යොමු කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading