තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් තරන ලෙස කරන ලද ඉල්ලීමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ මාර්තු 05 දින කැඳවන ලෙස නියම කර ඇත.
ඒ එම අභියාචනා පෙත්සම අද (නොවැම්බර් 25) මහින්ද සමයවර්ධන ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අචාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර එයට එරෙහිව මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
