දකුණු ඉන්දියානු සිනමාවේ අසහාය තරුවක් වන සූර්යා ශිවකුමාර් සහ අධ්‍යක්ෂවරයෙකු වන ආර්.ජේ. බාලාජී ඇතුළු පිරිසක් අද උදෑසන චෙන්නායි සිට සිරීලංකන් ගුවන් සේවයට අයත් UL 122 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔවුන් පැමිණ ඇත්තේ කරුප්පු චිත්‍රපටියේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් බව ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත.

කරුප්පු චිත්‍රපටිය මැයි 14 වැනිදා සිට තිරගත වීමට නියමිත අතර එය ආර්.ජේ. බාලාජිගේ අධ්‍යක්ෂණයකි. සූර්යා සහ ත්‍රිෂා එහි ප්‍රධාන චරිත රගපාන අතර ආර්ජේ බාලාජිද ප්‍රධාන චරිතයක් රගපෑමට නියමිතය.
කෙසේවෙතත් සූර්යා යනු රංගනයෙන් පමණක් නොව, සිය සමාජ සත්කාරක මෙහෙවර තුළින් ද ලොව පුරා ගෞරවයට පාත්‍ර වූ අයෙක් බව සිහිපත් කළ යුතුය. ඔහු විසින් 2006 වසරේදී ආරම්භ කරන ලද “අගරම් පදනම” (Agaram Foundation) හරහා දරිද්‍රතාවයෙන් පෙළෙන දක්ෂ දරුවන් දහස් ගණනකගේ අධ්‍යාපන සිහිනය සැබෑ කර ඇත. එය ශ්‍රී ලංකාවේ දරුවන්ටද උදව් කර ඇත.
සූර්යාගේ උන්නයි නනයිතු චිත්‍රපටියේ එන්නයි තාලාට්ටුම් සංගීතම් නම් ගීය 2002 දී ශ්‍රී ලංකාවේ රූගත කරන ලද්දකි.
ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහ ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සූර්යාගේ පදනම කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරයි. සූරියා නන්දා නමැති චිත්‍රපටියේදී ප්‍රකට ලෙස ලංකාවෙන් ඉන්දියාවට ගිය සරණාගත තරුණියකට ප්‍රේම කරන තරුණයෙකුගේ චරිතයක් රගපෑවේය. කුලභේදයකින් හෝ ජාති භේදයකින් තොරව පීඩිත ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනයේ දොරටු විවර කර දීම ඔහුගේ පදනමේ මූලික අරමුණයි.
