නියමිත දින පසුවී වත්කම් ප්‍රකාශ දුන් අයට දඩ අය නොකිරීම සඳහා හේතු දක්වන ලෙස දැනුම් දෙයි

නියමිත දිනට වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අයකර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාවක් ලබාදී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනය කරයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු නියමිත දිනය වූ මෙම වසරේ ජුනි මස 30න් පසු අගෝස්තු 31 දක්වා ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අනුව පරිපාලන දඩ මුදලක් අය කිරීම නීත්‍යානුකූලව සිදුකළ යුතු බව එහි සඳහන් කර ඇත.

එසේ වුවද සැප්තැම්බර් 30 දින දක්වා එසේ හේතු දැක්වීමට කාලය ලබාදෙන බවද, එම දිනය වනවිටත් හේතු දැක්වීමන් සිදුනොකළේ නම් පරිපාලන දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව එහි සඳහන්වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading