මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත මාධ්‍ය නිදහසට මරු පහරක්; විපක්ෂ නායක

රජය විසින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත මාධ්‍ය නිදහසට එල්ල කරන මරු පහරක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (සැප්තැම්බර් 09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය ද තීරණය කර ඇති බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා, එවැනි පනත් කෙටුම්පතක් ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවද පැවසීය.

මෙය මාධ්‍ය මර්දනය කිරීම සඳහා ගෙන එන පනතක් බවත්, මාධ්‍ය රජයේ වහලුන් බවට පත් කිරීමට උත්සාහ කරන මෙම වැඩපිළිවෙළ වහාම හකුළා ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

වත්මන් රජය විපක්ෂයේ සිටියදී මාධ්‍ය නිදහස වෙනුවෙන් විශාල හඬක් නැගූ නමුත්, මේ වනවිට මාධ්‍ය මර්දනය කිරීම සඳහා වැඩපිළිවෙළ දියත් කරමින් සිටින බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading