නව පනතෙන් දළදා පෙරහැරට අලි ඇතුන් යොදා ගන්න බැරිද? රජය පැහැදිලි කළ යුතු බව මහනාහිමි කියයි

(අසේල කුරුළුවංශ)

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත මගින් මහනුවර දළදා පෙරහැරට අලි ඇතුන් යොදා ගැනීමට බාධා ඇතිවන්නේද නැද්ද යන්න සම්බන්ධව සමාජයේ කතා බහක් නිර්මාණය වී තිබෙන බැවින් එමගින් එවැන්නක් සිදු නොවන්නේ නම් මැති ඇමැතිවරු ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යය කාරණයක් බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

මෙම පනත ගෙන ඒමෙන් පසු අලි ඇතුන්ට දම්වැල් යොදා පාරේ ගෙන යෑමට නොහැකි බවට යම් යම් පිරිස් තමන් වහන්සේ දැනුවත් කළ බවත් ඔවුන් පවසන දේ සම්බන්ධයෙන් නිහඬව නොසිට සැබෑ තත්ත්වය රටට හෙළි කිරීම රජයේ වගකීම බවත් උන්වහන්සේ කීහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා අගෝස්තු 06 දින මල්වතු මහා විහාරයට ගොස් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ බව පැවසූහ.

ආණ්ඩුකාරවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Author

2 Comments

  • ඊට ප්‍රථම සත්ව හිංසනය බුදුදහමට එකඟ ද යන්න මහා නායක හිමිවරුන් පැහැදිලි කළ යුතුයි.මෙය තමා උපමා කොට පැහැදිලි කළ යුතුයි.එනම් මහා නායක හිමිවරුන්ගේ පාදවලට දම්වැල් දමා පාරේ ඇවිද්දවීමට ඔබ වහන්සේලා කැමතිද පැහැදිලිව ජනතාවට පැහැදිලි කළ යුතුයි

  • ඇයි කකුල් වලට විලංගු දා ගෙන අලි ඇතුන්ට වද දිදී පෙරහැරේ දක්කන එක හොඳද ? හිස් මිනිසුන්ගේ මන දොළ පුරවන එකද පෙරහැරේ පරමාර්ථය.

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading