ගිනිකඳු අළු යට වැළලී ගිය රෝම නගරය පොම්පෙයිහි වසර 2,000ක් පැරණි සෙරමික් භාජනයක්…

ක්‍රිස්තු වර්ෂ 79 දී වෙසුවියස් කන්ද පුපුරා යාමේදී ගිනිකඳු අළු සහ පියුමිස් ගල් යට වැළලී ගිය රෝම නගරයක් වූ පොම්පෙයිහි (Pompeii)  පුරාවිද්‍යාත්මක ස්ථානයෙන් වසර 2,000 ක් පමණ පැරණි සෙරමික් භාජනයක් සොයාගෙන ඇත. පොම්පෙයි පුරාවිද්‍යා උද්‍යානයේ මාර්ගගත සඟරාව (Archaeological Park’s online journal) විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම සොයාගැනීම, එකල රෝම සංස්කෘතිය කෙරෙහි වූ ඊජිප්තු බලපෑම පිළිබඳ විවරණයක් සිදු කරයි.

පොම්පෙයි නගරයේ කම්කරු හා මධ්‍යම පාන්තික ප්‍රදේශයක පිහිටා තිබූ රෙජියෝ V (Regio V) හි තර්මොපොලියම් සංරක්ෂණය කිරීමේදී “සිටුල”(Situla) ලෙස හැඳින්වෙන බාල්දි හැඩැති බහාලුමක් වන මෙම භාජනය සොයා ගෙන ඇත.

ඇත්තවශයෙන්ම තර්මොපොලියාව යනු ක්ෂණික ආහාර අවන්හල් (fast-food restaurants) විශේෂයක් වූ අතර, ප්‍රභූ නොවන රෝමානුවන්ට පිටතින් පරිභෝජනය කිරීම සඳහා බීම සහ උණුසුම් ආහාර මේවායෙන් මිලදී ගත හැකිය. පොම්පෙයිහි පමණක් මේ ආකාරයේ තර්මොපොලියාව 80 කට වඩා සොයාගෙන ඇත. මේවා Canteen විශේෂයක් ලෙසද හඳුන්වනු ලබයි.

2020 දී සම්පූර්ණයෙන්ම කැණීම් කර ප්‍රතිසංස්කරණය කරන ලද මෙම විශේෂිත තර්මෝපෝලියම්, ඉතා හොඳින් සංරක්ෂණය කර ඇති අතර එහි බිත්ති අලංකාර කිරීම සඳහා පක්ෂීන් සහ විවිධ සතුන්ගේ රූප සිතුවම් කර ඇත. මෙම Shop, L-හැඩැති කවුන්ටරයකින්, සැපයුම් ගබඩා කිරීම සඳහා භාජන සහිත පිටුපස මුළුතැන්ගෙයකින්, අවන්හලේ කළමනාකරු හෝ හිමිකරු සඳහා උඩුමහල් මහල් නිවාසයකින් සහ නාන කාමරයකින් සමන්විත විය.

ඊජිප්තු සිතුවම් ආකෘතිය සහිත දඩයම් දර්ශනවල සිතුවම් වලින් සරසා ඇති, රෝම පාලනය යටතේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ නිෂ්පාදනය කරන ලද ෆයින්ස් (ස්වයං-ඔප දැමීමේ සෙරමික්) බඳුන සුඛෝපභෝගී භාණ්ඩයක් විය. මෙවැනි සුඛෝපභෝගී භාණ්ඩයක් වීදි ආහාර (street-food) වීදි ආහාර ආයතනයක මුළුතැන්ගෙයට එය කෙසේ ගියේද යන්න තවමත් අභිරහසකි. නමුත් එය ග්‍රීක-රෝම ලෝකයේ ඊජිප්තු සංස්කෘතික හා ආගමික ස්වරූපයන් ඒකාබද්ධ කිරීම, එම සමාජයේ මුදුනේ පමණක් නොව සාමාන්‍ය ජනතාව තුළ ද පැවති බව අවධාරණය කරයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading