ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (පීඑස්ටීඒ) සම්බන්ධයෙන් අද (නොවැම්බර් 23) පාලනය, යුක්තිය හා සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂන කාරක සභාවේ සලකා බැලීමේදී එය සාකච්ඡාවට ලක්කිරීම පමණක් සිදුකරන ලෙසට එම කාරක සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් ඉල්ලා ඇත.
එමෙන්ම එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එම අධීක්ෂණ කාරක සභාවේදී කිසිදු අනුමැතියක්, සහතික කිරීමක්, හිතකර නිර්දේශයක් හෝ අවසන් තීරණයක් නොගැනීමට හදිසි මැදිහත්වීමක් සිදුකරන ලෙසත් ඒ මගින් ඉල්ලා ඇත.
එම ඉල්ලීම සිදුකර ඇත්තේ නොවැම්බර් 07 දින ජනාධිපතිවරයා විසින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර සිවිල් සමාජ සංවිධාන හා අනෙකුත් පාර්ශව සමඟ පුළුල් සාකච්ඡාවක් සිදුකර එකඟතාවයක් ඇතිකර ගන්නා බවට කළ ප්රතිඥාව අනුව එම පාර්ශවවලට තවමත් එම සංවාදය සඳහා අවස්ථාව ලැබී නොමැති තත්වය තුළ එය ජනාධිපතිවරයාගේ ප්රතිඥාවට පටහැනි විය හැකි බව පෙන්වා දෙමින්ය.
කථානායකවරයාගෙන් එම ඉල්ලීම සිදුකර ඇත්තේ ෆයිසර් මුස්තාපා, අජිත් පී පෙරේරා, සානික්කියන් රාසමානික්කම්, ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් හා මුජිබර් රහුමාන් යන විපක්ෂ මන්ත්රීවරුන්ය.

