ඉන්දු විද්‍යා ප්‍රවීණයෙකු වන ආනන්ද කේ. කුමාරස්වාමි (1877-1947) දකින්නේ ඓතිහාසික බුදුන් වහන්සේ ආගමික නිර්මාතෘවරයෙකු ලෙස පමණක් නොව, ජීවිතය සහ ඉගැන්වීම් පිළිබඳ ඉපැරණි ඉන්දියාවේ වෛදික සහ උපනිෂද් සම්ප්‍රදාය තුළ ගැඹුරින් මුල් බැස ගත් තත්වයන් මගින් නිර්මාණය කළ උත්තරීතර අධ්‍යාත්මික ගුරුවරයෙකු ලෙසයි. එමෙන්ම ඔහු බුදුන් වහන්සේ දුටුවේ මුල් ඉන්දියානු දර්ශනවාදය (බ්‍රාහ්මණවාදය) සහ බුදුන්ගේ සමකාලීන යුගය අතර පරතරය පියවන පාරභෞතික ඓතිහාසික චරිතය වශයෙනි. නැතිනම් බුද්ධාගම යනු සිදුවිය යුතු පරිණාමයක ප්‍රතිඵලයක් ලෙසයි.
ඒ වගේම ඔහු බුදුන් වහන්සේ එවකට පැවති සංස්කෘතික සන්දර්භය තුළ ‘විශ්වීය මිනිසෙකු හෝ විශිෂ්ට ආර්යයෙකු‘ ලෙස නම් කරන්නේ පුරාණ වාර්ගික බන්ධන වලින් ඉවත්වූ සැබෑ අර්ථයෙන්ම උතුම් අධ්‍යාත්මික ගුරුවරයෙකු වශයෙනි.39
බුදුන් වහන්සේ සහ වෙනත් ආගම් පිළිබඳ නිතර සිය කතාවලදී ඉස්මතු කර තිබෙන භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් (1879-1955) ‘බුදුන් වහන්සේගේ ඓතිහාසිකත්වය’ පිළිබඳව විධිමත්, ක්‍රමානුකූල පර්යේෂණයක නියැලුනු කෙනෙක් නොවන නිසා ඓතිහාසික බුදුන් වහන්සේ පිළිබඳ එවැනි අර්ථ දැක්වීමක් ලබා දී නැහැ. නමුත් ඔහු බුදුන් වහන්සේ සලකා තිබෙන්නේ ඉතිහාසයේ බිහිවූ උත්තරීතර සදාචාරාත්මක හා දාර්ශනික යෝධයෙකු ලෙසයි. ඔහු බුදුන් වහන්සේව අර්ථ දැක්වූයේ සාම්ප්‍රදායික මූලධර්ම ඉක්මවා ගිය ගැඹුරු ප්‍රබුද්ධ මිනිසෙකු ලෙසටයි. මෙයින් බුදුන් යනු මිත්‍යා සංකල්පයක් නොවන බවට අයින්ස්ටයින් අදහස් කළ බව පැහැදිලියි. ‘විශ්වීය කරුණාව සහ අන්තර් සම්බන්ධතාවය කෙරෙහි බුදුන් වහන්සේගේ අවධානය නූතන විද්‍යාත්මක චින්තනයේ අවශ්‍යතා පරිපූර්ණ ලෙස අපේක්ෂා කරන බව අයින්ස්ටයින් විශ්වාස කළා.’ අයින්ස්ටයින්ට අනුව, බුදුන් වහන්සේ යනු ආත්මාර්ථකාමී ආශාවන්ගෙන් වෙන්වීම සහ විශ්වයේ තිබෙන අපූරු ගුණයක් වන විශ්වීය එකමුතුකම සහ තාර්කිකත්වය හඳුනා ගැනීමේ අධ්‍යාත්මික ඥානාලෝකය සහිත චරිතයක්. උත්තරීතර ”සුපිරි-පෞද්ගලික” ආගමික පෞරුෂයක් සහිත ශාස්තෘවරයෙකු ලෙසයි ඔහු බුදුන් වහන්සේ වර්ගීකරණය කළේ.40
ප්‍රකට ඉන්දියානු ඉතිහාසඥයෙකු වන කේ. ඒ. නීලකන්ට ශාස්ත්‍රී (1892-1975), ඔහුගේ අනුභූතික සහ සාක්ෂි පදනම් කරගත් ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධය. ඔහු බුදුන් වහන්සේ සැලකුවේ මිථ්‍යා චරිතයකට වඩා ඓතිහාසික චරිතයක් ලෙසයි. සාක්ෂි පදනම් කරගත් ප්‍රවේශය අනුව ශාස්ත්‍රී, ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා හැඟීම්වලට වඩා අභිලේඛන, පුරාවිද්‍යාව සහ සාහිත්‍යය කෙරෙහි අවධානය යොමු කළ අතර, බුදුන් වහන්සේ වැනි පුරාණ ඉන්දියානු චරිත පිළිබඳ ඔහුගේ කාර්යය සත්‍යාපනය කළ හැකි මූලාශ්‍ර මත පදනම් වූ බව සහතික කලා. බුද්ධාගම සන්දර්භගත කිරීමේදී ඉන්දියානු ඉතිහාසය පිළිබඳ ඔහුගේ සාකච්ඡාවලදී ඉන්දියාවේ පුළුල් ඉතිහාසය, දෙවන වෙළුමේදී, ශාස්ත්‍රී බුද්ධාගම සහ ජෛන ආගමේ නැගීම ඉන්දියානු ඉතිහාසයේ පූර්ව-මෞර්ය සහ මෞර්ය කාල පරිච්ඡේදයන් තුළ තබනවා, බුදුන්ගේ ජීවිතය ඉන්දියානු ඉතිහාසයේ හා කලාපයේ ඓතිහාසික පරිණාමයේ කොටසක් ලෙස ඔහු සලකනවා.41
ඉතිහාස හා ආගමික අධ්‍යයන ක්ෂේත්‍රයන්හි ඇති එකඟතාවය මත පදනම්ව, ඉන්දු විශේෂඥයෙකු වන බ්‍රිතාන්‍ය ජාතික ඒ.එල්. බෂාම්ගේ (1914-1986) දෘෂ්ටිකෝණයෙන් බුදුන් වහන්සේ ඓතිහාසික චරිතයක් ලෙස සලකනවා. එමෙන්ම ඓතිහාසික අධ්‍යයන හා විමර්ෂණ අනුව ගෞතම සැබෑ පුද්ගලයෙක් බව එකඟ වෙනවා. ක්‍රි.පූ. 6 වන හෝ 5 වන සියවසේදී ඉන්දියාවේ/නේපාලයේ නැගෙනහිර ඉන්දු-ගංගා තැනිතලාවේ ජීවත් වූ තැන තැන සංචාරය කරමින් ගිය තාපසයෙකු සහ ආගමික ගුරුවරයෙකු ලෙසයි ඔහු බුදුන් හඳුනාගෙන ඇත්තේ.42
පුරාණ ඉන්දීය ඉතිහාසය පිළිබඳ ලොව ප්‍රමුඛ ඉතිහාසඥවරියක වන රොමිලා තාපර් (b.1931), බුදුන් වහන්සේ තනිකරම මිථ්‍යා හෝ පුරාවෘත්තයකට වඩා ඓතිහාසික චරිතයක් ලෙස නිගමනය කරනවා. ඉතිහාසයේ පදනම පිළිබඳ න්‍යායේදී මුල් ඉන්දියානු ඉතිහාසය ගැන ඇගේ විශ්ලේෂණය තුළ බැහැර කළ නොහැකි ජෛන හා බෞද්ධ සම්ප්‍රදායන්හි ඉතිහාසය පිළිබඳ ප්‍රබල මූල ඇති බව තාපර් අවධාරණය කරනවා. මන්ද ජෛන මහාවීර හා ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් සැබවින්ම ඉතිහාසය තුළ ජීවත්වූ මිනිසුන්ගේ ජීවිත තුළ මුල් බැස ඇති බැවිනුයි. ඇය ජෛන මහාවීර හා බුදුන් වහන්සේ ස්ථානගත කරන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ ඓතිහාසික සන්දර්භය තුළ තබමිනුයි. එය එකල පැවති වෛදික සම්ප්‍රදායන්ට අභියෝග කළ නාගරික මධ්‍යස්ථාන වලින් පැනනැගි විෂම නිකාය ලක්ෂණ සහිත නව ආගමික ව්‍යාපාරයන්හි සංලක්ෂිත කාල පරිච්ඡේදයක් ලෙස ඇය හඳුන්වනවා.43
1956 දී යුනෙස්කෝ හෙවත් ‘එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය’ කුරියර් කලාපයට ”අනන්ත කරුණාවේ ගුරුවරයා” යනුවෙන් සර්වපල්ලි රාධාක්‍රිෂ්නන් විසින් බුදුන්වහන්සේ සමරා ලිපියක් ඉදිරිපත් කලා. මෙම ප්‍රකාශනය කරන අවස්ථාවේ ඔහු ඉන්දීය ජනරජයේ උප ජනාධිපතිවරයා ද වුණා. මෙම ලේඛනය නවදිල්ලියේ පැවති යුනෙස්කෝවේ 09 වන මහා සමුළුවට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද බුද්ධාගමේ වසර 2,500 ක ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කළ විශේෂ කලාපයට දායකත්වයක් වුණා. 44
1997 දී සිද්ධාර්ථ ගෞතම (බුදුන්) උපන් ස්ථානය වන නේපාලයේ ලුම්බිණිය ලෝක උරුම අඩවියක් ලෙස, ලෝක උරුම අඩවි ලැයිස්තුගත කිරීම් යටතේ යුනෙස්කෝව නිල වශයෙන් පිළිගත්තේ ඉතා දීර්ඝ නිරීක්ෂණ සහ කරුනු අධ්‍යයනයකින් පසුවයි. ඓතිහාසික බුදුන් වහන්සේගේ උපත මත පදනම්ව ”විශිෂ්ට විශ්වීය වටිනාකමක්” ඇති ස්ථානයක් ලෙස යුනෙස්කෝව විසින් ලුම්බිනිය විධිමත් ලෙස නම් කිරීම මේ අනුව සිදු වුණා. එම සංවිධානය තම ප්‍රකාශනවල බුදුන් වහන්සේ සලකන්නේ හුදෙක් මිථ්‍යා හෝ උපමා චරිතයකට වඩා, ක්‍රි.පූ. 6 වන සියවසේ ජීවත් වූ සත්‍ය, ඓතිහාසික පුද්ගලයෙකු ලෙසයි.
2021 යුනෙස්කෝවේ අධ්‍යාපනික රාමුව ගැන කියන වාර්තාවෙන් ඉහත කාරණය අනුමත කරමින් තවදුරටත් සඳහන් කරන්නේ ‘අධ්‍යාපනයේදී හුදෙක් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමෙන් ඔබ්බට ගොස් මානව අන්තර්ක්‍රියා, සංවේදනය සහ මග පෙන්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, ඒවා තාක්ෂණයෙන් ප්‍රතිස්ථාපනය කළ නොහැකි බවත් අවධාරණය කරයි’.45
(ඉහත ලේඛනය රචනා වෙමින් පවතින ග්‍රන්ථයකින් උපුටාගෙන පළ කරන ලද්දකි.)
ඡායාරූපය-
ආධ්‍යාත්මික පීතෘවරුන් හා යෝගීන් පිළිබද ඉන්දීය ඉතිහාසය ලොව පැරණිම සාධක සහිත ඉතිහාසයයි. බොහෝ ඉන්දු නිම්න මුද්‍රාවල පද්මාසන ඉරියව්වෙන් වාඩි වී සිටින යෝගීන් නිරූපණය කර තිබෙනවා. නූතන යෝග භාවනාවල සිදු කරන පරිදිම පුරාණ යෝගීන් ද භාවනාවේදී වාඩි වී දණහිස් මත දෑත් තබාගෙන සිටින ආකාරය පෙන්වන උදාහරණයකි මෙය. ඉහත යෝගියාගේ අස්ථි කොටස්වලින් අපට දැකගත හැක්කේ ඔහුගේ ඇඟිලි ඥාණ මුද්‍රාවෙන් (මාපටැඟිල්ල දබර ඇඟිල්ල ස්පර්ශ කරමින්) දණහිස් මත රැඳී ඇති බවකි. රාජස්ථානයේ බලතාල්හි පිහිටි ඉන්දු නිම්න ශිෂ්ටාචාර පුරාවිද්‍යාත්මක ස්ථානයකින් සොයාගත් සමාධි ඉරියව්වෙන් වාඩි වී සිටින මෙම පුරාණ යෝගියෙකුගේ අස්ථි කොටස්වල කාල නිර්ණය වසර 2,700 කි.
(මෙය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය සරත් චනද්‍රජීව මහතාගේ ෆේස්බුක් පිටුවෙහි සඳහන් ලිපියකි.)
