ආණ්ඩුවව තොරතුරු අයිතිය කප්පාදු කිරීමේ උත්සාහයක – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කිරීමට හා තොරතුරු කොමිසම අකර්මණ්‍ය කිරීමට ආණ්ඩුව දරන උත්සාහයට සිය දැඩි විරෝධය පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මැයි මස 13 වැනිදා එම සංගමයේ නියෝජිතයින්ද සහභාගිවූ සාකච්ඡාවකදී ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කෞෂල්‍යා ආරියරත්න තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව පැවසූ බවද, ඒ මගින් ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ක්‍රමයෙන් අකර්මණ්‍ය කිරීමට සූදානම් වන බව එම සංගමය නිරීක්ෂණය කළ බවද එහි සඳහන් කරයි.

මේ වනවිට තොරතුරු කොමිසම මුහුණ දී ඇති බරපතල කඩා වැටීම් හා ගැටලු රැසක් ජනමාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය පොදු ජනතාව විසින් පෙන්වා දී ඇති බවත්, ඒ අතර කාර්ය මණ්ඩල හා සේවක හිඟය, කොමිසමේ සාමාජිකයින් සම්පූර්ණ නොවීම, තීන්දු තීරණ ලබාදීම දින නියමයක් නොමැතිව කල් යෑම ආදිය ඇති බවත් අවධාරණය කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading