මෙරට වෙළඳපොළේ අලෙවි වන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.
ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යෑම සහ ආනයන වියදම් ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම මිල සංශෝධනය සිදු කිරීමට සිදු වූ බව එම සංගමය සඳහන් කරයි.
ඒ අනුව නව මිල සංශෝධනයන්ට යටත්ව ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 50 කින් සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ දමා ඇති අතර, මෙම මිල ඉහළ දැමීමත් සමඟ නව තොග වෙළඳපොළට නිකුත් කළ වහාම පාරිභෝගිකයින්ට එම නව මිල ගණන් යටතේ කිරිපිටි මිලදී ගැනීමට සිදුවනු ඇත.
