‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් දිවයිනේ මහාමාර්ග පද්ධතිය, දුම්රිය මාර්ග සහ පාලම් ඇතුළු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් බත්තරමුල්ල, කොස්වත්ත, ‘මගනැගුම මහමැදුර’ පිහිටි අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන ප්‍රකාශ කලේ ආපදාවෙන් පසු මාර්ග, පාලම් සහ දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වඩාත් සම්බන්ධීකරණයෙන් හා කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම මෙම විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බවයි.
2025 නොවැම්බර් මස ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු ආපදාවෙන් මෙරට දුම්රිය මාර්ග පද්ධතියට, විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගයට බරපතල හානි සිදු විය. රඹුක්කන සිට ගම්පොළ දක්වා කොටසේ ස්ථාන 103කට හානි සිදු වූ අතර, ඒ අතර ප්‍රධාන නායයෑම් 36ක් සහ පස් කඳු කඩාවැටීම් හා මාර්ග සේදී යාම් 67ක් වාර්තා විය. එසේම ගම්පොළ – නාවලපිටිය, නාවලපිටිය – කොටගල, කොටගල – රදැල්ල, කොටගල – නානුඔය සහ නානුඔය – ග්‍රේඩ්වෙස්ටන් වැනි කොටස්වලට ද හානි සිදු විය.

