ආනන්ද පාලිතට එරෙහි පැමිණිල්ල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්ගේ – පොලිස් ඇමති

නීති විරෝධී ආකාරයට අතිකාල දීමනා ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට රිමාන්ඩ් භාරයට පත්කර ඇති ජාතික සේවක සංගමයේ හා සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා සම්බන්ධයෙන් වන විමර්ශනයේ මූලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනේ සිලෝන් පෙට්රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් හි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසීය.

ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පළවූ අදහස් සම්බන්ධයෙන් අද (නොවැම්බර් 18) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඒ බව පැවසූ අතර එහිදී ඔහු කීවේ එම පැමිණිල්ල එහි සාමාන්‍යාධිකාරිවරයාට යොමු කර තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් විගණන විමසුමක් තිබූ බවත් හා ඒ අනුව වත්මන් විමර්ශන සිදුවී ඇති බවත්ය.

එහිදී ඊට පිළිතුරු ලබාදමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ ආනන්ද පාලිත මහතාට එරෙහිව පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබී ඇති බවත්, ඔවුන් එම විමර්ශන සිදුනොකර පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශයට එය යොමුකර ඇති බවත්, ඒ අනුව ආනන්ද පාලිත මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල කර ඇති බවත්, සිලෝන් පෙට්රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් රාජ්‍ය ආයතනයක් නොව සමාගමක් බවය.

2015 සිට 2018 අතර කාලයේදී අතිකාල දීමනා නීති විරෝධිව ලබා ගැනීම සම්බන්ධයෙන් ආනන්ද පාලිත මහතාට එරෙහිව චෝදනා එල්ල කර ඇත.

Author

Leave a Reply

Related Posts