ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරට කොළඹ මහාධිකරණය මඟින් නියම කර තිබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් අද (18) තහවුරු කර තිබේ.
එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගලගොඩඅත්තේ ඥානසාර විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය ලබා දී ඇත.
2016 වසරේදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කර ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනා දෙකකට ගලගොඩඅත්තේ ඥානසාර වරදකරු විය. ඒ අනුව 2024 මාර්තු 28 වන දින කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් සහ රුපියල් 100,000ක දඩයක් නියම කරන ලදී.
එම මහාධිකරණ තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර, අද දින එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ දඬුවම එලෙසම තහවුරු කර තිබේ.
එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාරට ලබා දුන් ජනාධිපති සමාව නීතිවිරෝධී බව 2026 සැප්තැම්බර් 10 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නියම වූ වසර 6ක සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීම සඳහා ඔක්තෝබර් 05 වන දින සිට දැනටමත් බන්ධනාගාරගත කර සිටී. ඊට අමතරව ඉස්ලාම් දහමට අපහාස කිරීමේ තවත් නඩුවකට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ මාස 9ක සිරදඬුවමක් ද කොළඹ මහාධිකරණය විසින් පසුගියදා තහවුරු කර තිබුණි.
