ඩිමෙන්ෂියා වළක්වා ගන්නේ කෙසේද?

ලෝකයේ සිදු කර ඇති සමීක්ෂණ වලට අනුව, මතකය අඩුවීම හෙවත් ඩිමෙන්ෂියා (Dementia) තත්ත්වය වළක්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු කාරණා බොහෝ ප්‍රමාණයක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සහභාගී වෙමින් ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දුන්යා ලූක් පෙන්වා දෙයි.

මෙම රෝගී තත්ත්වය වයසට ගිය පසු පමණක් වැළඳෙන රෝගයක් නොවන අතර, ඇතැම් අයට වයස අවුරුදු 45 හෝ 50 වැනි අඩු වයස් කාණ්ඩවලදී වුවද වැළඳීමේ හැකියාව පවතින බව ඇය සඳහන් කරයි.

ඩිමෙන්ෂියා රෝගයෙන් වැළකී සිටීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැහැදිලි කරන ලදී.

  • මොළය සක්‍රීයව තබා ගැනීම

ඇවිදීම, කතා කිරීම, සිතීම, හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම ඇතුළු බොහෝ දේවල් පාලනය වන්නේ මොළයෙන් වන බැවින් මොළයේ සෞඛ්‍යය ඉතා වැදගත් වේ. අධ්‍යාපන කටයුතු අවසන් වූ පසුද මොළය සම්බන්ධ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් කළ යුතු අතර, ජීපීඑස් (GPS) වැනි තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මොළය වෙහෙසවීම අවම කිරීමෙන් වැළකී, පාරවල් ආදිය මතක තබා ගැනීමට උත්සාහ කළ යුතුය.

  • ශාරීරික සෞඛ්‍යය පාලනය

මොළයට රුධිර ගමනාගමනය නිසි පරිදි පවත්වා ගැනීම සඳහා කොලෙස්ට්‍රෝල් සහ රුධිර පීඩනය පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව සීනි පාලනය සහ බර පාලනය කර ගැනීමද ඩිමෙන්ෂියා රෝගය වළක්වා ගැනීමට එක හා සමානව වැදගත් වේ.

  • ශ්‍රවණ හා දෘශ්‍ය ඉන්ද්‍රියන්ගේ සෞඛ්‍යය

අපේ කොලෙස්ට්‍රෝල් පාලනය, අපේ රුධිර පීඩනය පාලනය, ඒ වගේ දේවල් ඉතාම වැදගත් අපේ මොළයේ ලේ ගමනාගමනය හරියට පවත්වා ගන්න. මොළයට අවශ්‍ය දත්ත සහ තොරතුරු ලබා ගන්නේ ඇස් සහ කන් (ශ්‍රවණ ඉන්ද්‍රිය) හරහා වන බැවින්, එම ඉන්ද්‍රියන්ගේ දුර්වලතා ඇති පුද්ගලයින්ට මතකය අඩුවීමේ රෝගයට ඇති ප්‍රවණතාවය වැඩිය.

  • මානසික සෞඛ්‍යය සහ අනතුරුවලින් ආරක්ෂා වීම.

විශාදය (Depression) වැනි මානසික තත්ත්වයන් පවතින අයටද ඩිමෙන්ෂියා රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇත. එසේම මොළයට සිදුවන හදිසි අනතුරු සහ බලපෑම් නිසාද මෙම රෝගී තත්ත්වයේ ප්‍රවණතාවය වැඩිවේ.

  • දුම්පානයෙන් වැළකී සිටීම

දුම්පානය සම්පූර්ණයෙන්ම අතහැර දැමීම ඩිමෙන්ෂියා තත්ත්වය මෙන්ම අංශභාගය ඇතුළු අනෙකුත් රෝග නිවාරණයටද දැඩි ලෙස උපකාරී වේ.

  • දිනපතා ව්‍යායාම කිරීම

සාමාන්‍ය ඇවිදීම වැනි ව්‍යායාමවලට අමතරව පේශි ශක්තිමත් කරන ව්‍යායාම දිනකට අවම වශයෙන් විනාඩි 30ක්වත් කිරීම හෘද සෞඛ්‍යයට මෙන්ම මොළයේ සෞඛ්‍යයටද ඉතා වැදගත් වේ. සීනි පාලනය, බර පාලනය කිරීම, ව්‍යායාම කිරීම මේ සියලු දේ එක හා සමාන ලෙස වැදගත් ඩිමෙන්ෂියා කියන රෝගය වළක්වා ගැනීමට.

  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම

ශරීරයේ යහපැවැත්ම සඳහා අවම වශයෙන් පැය හයකවත් නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සමීක්ෂණවලට අනුව, නින්දේදී මොළයේ ඇති අපද්‍රව්‍ය (කුණු) බැහැර කරමින් මොළයේ යහපැවැත්ම වැඩි කර මතකය වර්ධනය කිරීමට නින්ද ඉමහත් බලපෑමක් කරයි.

Author

Leave a Reply

Related Posts