වෛද්‍ය උපකරණ දෙකක් රෝහල්වල භාවිතයෙන් ඉවත් කරයි

රෝගීන්ගේ ආරක්ෂාවට හා ප්‍රතිඵලවලට බලපෑම් කළ හැකි දෝෂ සහිත සහ කාර්යසාධන ගැටලු වාර්තා වීම හේතුවෙන් රජයේ රෝහල්වලට සපයනු ලැබූ වෛද්‍ය උපකරණ දෙකක කාණ්ඩ කිහිපයක් වෛද්‍ය සැපයුම් අංශය නැවත කැඳවා තිබේ.

එසේ නැවත කැඳවා ඇත්තේ හෙවත් රෝහල්වල භාවිතයෙන් ඉවත් කර ඇත්තේ කොලොස්ටමි උපකරණයක් (colostomy appliance) හා ඇන්ජියෝග්‍රැපික් කැතීටරයක් (angiographic catheter) යන වෛද්‍ය උපකරණවලට අයත් කාණ්ඩ කිහිපයකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය උපකරණ ඇගැයීම් කමිටුව විසින් කරන ලද නිර්දේශයන්ට අනුව එම ඉවත් කිරීම සිදුකර ඇති අතර ඉන් කොලොස්ටමි උපකරණය චීන සමාගමක් විසින් නිපදවා ඇති අතර ඇන්ජියෝග්‍රැපික් කැතීටරය නෙදර්ලන්ත සමාගමක් විසින් නිපදවා ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading