වෙනත් ස්ථානයක අලුතින් ස්ථාපනය කරන දෙනියාය රෝහලේ වෛද්‍ය උපකරණවලට අවශ්‍ය රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබාදීම වෙනුවෙන් දෙරට අවබෝධතා ගිවිසුමකට ජුලි 13 දින අත්සන් තැබූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
එම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ අත්සන් අත්සන් තබා ඇති අතර එම අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රදානත්වයෙන් පවත්වා ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ඉන්දීය රජය ප්‍රකාශයට පත්කරන ලද ඇමරිකානු ඩොලර් 450ක ආධාර පැකේජයේ කොටසක් ලෙස එම අවබෝධතා ගිවිසුමට අදාළ මුදල ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.
